සංවර්ධන අංශය

෴සංවර්ධන අංශයේ ඉලක්කය෴

සහභාගීත්ව සැලැසුම්කරණය තුලින් හා මූලික ප්‍රතිපත්ති ලේඛන භාවිතා කරමින් බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ක්‍රියාවන් සැලසුම් කොට, මනා ලෙස කළමණාකරණය කරමින් ප්‍ර‍දේශයේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට, බල ප්‍රදේශය තුල මූලික යටිතල පහසුකම් හා අනෙකුත් සංවර්ධන කටයුතු ඉටු කිරීම.

සංවර්ධන අංශයේ අරමුණු,

  • ප්‍රාදේශීය සභාව සතු මාර්ග පද්ධතිය නිත්‍යානුකූල තත්වයට පත් කර ගැනීම.
  • ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය මාර්ග පහසුකම් සැලැසීම හා දියුණු තත්වයට පත් කර ගැනීම.
  • පානීය ජල පහසුකම් සැලැසීම සඳහා පොදු නළ ලිං, ජල නළ පද්ධති සකස් කිරීම.
  • වීදි ආලෝක කිරීම සඳහා වීදි ලාම්පු සවි කිරීම.
  • අනවසර ඉදි කිරීම් සඳහා ඉඩකඩ සලසා නොදීම.