2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මහජනතාවට තොරතුරු දැනගැනීමේ ප්‍රවේශය ලබාදීම සඳහා ක්‍රියාත්මක කරන ලද පනතකි. මෙම පනත 2016 ජූනි 24 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම පනත 2017 පෙබරවාරි 03 දින සිට අමාත්‍යාංශ සහ රාජ්‍ය අධිකාරී සඳහා බලාත්මක විය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා පනතේ විධිවිධාන අනුව ඔබට අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබට ඇති අතර ඒ සඳහා පහත නිලධාරීන්ගෙන් සහ තොරතුරු කොමිෂන් සභාවේ සහාය ලබා ගත හැක.
අරණායක ප්‍රාදේශීය සභාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සඳහා වු අංශය.