
අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ විවිධ ප්‍රසංගය
අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ විවිධ ප්‍රසංගය 2025.12.27 වන සෙනසුරාදා දින උස්සාපිටිය අරුණ ශ්‍රී රඟහලේ දී පවත්වන ලදී.

දිට්වා සුළිකුණාටුව හමුවේ අරණායක ප්‍රාදේශීය සභාවේ සක්‍රීය දායකත්වය
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා බොහොමයක් සිදු වූ අතර අරණායක ප්‍රාදේශීය සභාව එහිදී විශාල කැපවීමකින් කටයුතු කරන ලදී.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්අ රණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා තත්ත්වය,
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක දරුණු කාලගුණික තත්ත්වයන් ඇති කළ අතර එය පුළුල් විනාශයක් සහ දුෂ්කරතාවන්ට හේතු විය. බලපෑමට ලක් වූ කලාප අතර, අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අධික වර්ෂාපතනය, තද සුළං, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සැලකිය යුතු හානියක් සිදුවිය. මෙම ව්‍යසනය දෛනික ජීවිතයට බාධා කළ අතර, යටිතල පහසුකම් වලට හානි කළ අතර, බොහෝ පවුල් බරපතල අවදානමට ලක් කළේය.

GIS තාක්ෂණය භාවිතයෙන් මාර් ග සිතියම් සකස් කිරීමේ වැඩසටහන යටතේ මාර් ග ලියාපදිංචි කිරීම
GIS තාක්ෂණය භාවිතයෙන් මාර් ග සිතියම් සකස් කිරීමේ වැඩසටහන යටතේ මාර් ග ලියාපදිංචි කිරීම සඳහා විරෝධතා කැඳවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය 2025.10.17 දින නිකුත් කරන ලදී.

ලෝක ළමා හා වැඩිහිටි දින විවිධප්‍රසංගය
ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව දිප්පිටිය මහජන පුස්තකාලය මගින් සංවිධානය කළ විවිධප්‍රසංගය 2025.10.01 දින ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

පළාත් පාලන සතිය - 2025.09.21 ක්‍රීඩා හා සමාප්ති සටහන් දිනය
පළාත් පාලන සතිය 2025.09.21 ක්‍රීඩා හා සමාප්ති සටහන් දිනය වෙනුවෙන් පැවති ක්‍රිකට් තරගාවලියට අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,පොලිසිය, රිවිසඳ ජාතික පාසල හා අරණායක ප්‍රාදේශීය සභා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී විය.

පළාත් පාලන සතිය 2025.09.20 මහජන උපයෝගීතා හා ක්‍රීඩා දිනය
පළාත් පාලන සතිය 2025.09.20 මහජන උපයෝගීතා හා ක්‍රීඩා දිනය වෙනුවෙන් වීදි පහන් අලුත්වැඩියා කිරීම, ආදාහනාගරය අවට පිරිසිදු කර, මල් පැල සිටුවා අලංකාර කිරීම, ක්‍රිකට් තරගාවලිය සඳහා පෙර සුදානම් වීම සිදුවිය

පළාත් පාලන සතිය 2025.09.19 සාහිත්‍ය, අධ්‍යාපන හා පුස්තකාල දිනය
ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි මහින්ද දසනායක මහතාගේ සම්පත් දායකත්වයෙන් උස්සාපිටිය මහජන පුස්තකාල පරිශ්‍රයේ රාත්‍රී කියවීම් කඳවුරක් පවත්වන ලදී. දරුවන්ගේ නැටුම්,ගැයුම් හා දරුවන් කියවීමට හුරු කරවීමේ වැදගත්කම පිළිබද දේශනයක් පැවැත්වූ අතර චිත්‍ර, රචනා තරගයක්ද පවත්වන ලදී.

පළාත් පාලන සතිය - 2025.09.18 ආදායම් ප්‍රවර් ධන දිනය
ගරු ප්‍රාදේශීය සභා සභාපතිතුමාගේ හා ලේකම්තුමාගේ උපදෙස් පරිදි අරණායක බලප්‍රදේශය තුළ හිග හා ප්‍රවර් ථන වරිපනම් එකතු කිරීම, ව්‍යාපාර බලපත්‍ර ලබාදීම, මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කිරීම සදහා අත් පත්‍රිකා මගින් බදු හිමියන් දැනුවත් කිරීම් සිදුකරන ලදී.

පළාත් පාලන සතිය 2025.09.17 සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය
ගරු ප්‍රාදේශීය සභා සභාපති තුමා, මන්ත්‍රී මණ්ඩලය, ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක මහතුන් හා ක්‍රීඩා සමාජ සාමාජිකයින්ගේ සහභාහිත්වයෙන් දිප්පිටිය රණවිරු ක්‍රීඩාංගනය හා කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.

පළාත් පාලන සතිය 2025.09.16 පරිසර හා රුක් රෝපණ දිනය
අරණායක ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පරිගණක කට්ටල් අටක් සමග ලැප්ටොප් පරිගණක දෙකක් මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.

පළාත් පාලන සතිය - 2025.09.15 සමාරම්භය , ජංගම සේවා දිනය
ගරු ප්‍රාදේශීය සභා සභාපති තුමා, මන්ත්‍රී මණ්ඩලය, ලේකම් තුමා ඇතුළු කාර් ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් හා නොදිරන කසල අලෙවි කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

උස්සාපිටිය ආයුර් වේදය මඟින් පවත්වන ලද ජංගම සායනය
උඩුවේවල අස්මඩල සුගතබිම්බාරාම විහාරස්ථානයේ දී එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය තත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් උස්සාපිටිය ආයුර් වේදය මඟින් ජංගම සායනය පවත්වන ලදී.

ප්‍රසම්පාදන දැන්වීම අරණායක ප්‍රාදේශිය සභාව
අරණායක ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පරිගණක කට්ටල් අටක් සමග ලැප්ටොප් පරිගණක දෙකක් මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.

ඇල්ල අනතුරින් විපතට පත් වූ සහ ජීවතක්ෂයට පත් වූවන් කෙරෙහි අපගේ සාතිශය සංවේගය..
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති..!! සිතනා දේ නොම වේ නොසිතන දේම සිදුවේ

ගැවිලිපිටිය නගරයේ කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ ශ්‍රාමදාන වැඩසටහන
2025.08.12 දින ගැවිලිපිටිය නගරයේ කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ ශ්‍රාමදාන වැඩසටහනක් පවත්වන ලදී.

ආදාහනාගාරය අවට ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහන
ගරු සභාපතිතුමාගේ උපදෙස් පරිදි, ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන්, ආදාහනාගාරය අවට ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2025.07.22 දින පැවැත්විය. සභාපතිතුමා, උප සභාපතිනිය සහ මන්ත්‍රී තුමන්ලාගේ සහයෝගයද ලැබිණි. මෙම කාර්යය සාර්ථක කරගැනීමට වෙහෙස මහන්සි වූ සැමට ස්තූතියි.

Clean Sri Lanka යටතේ අරණායක නගරයේ අවහිර වී ඇති කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ වැඩසටහන
Clean Sri Lanka යටතේ අරණායක නගරයේ අවහිර වී ඇති කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ වැඩසටහන 2025.07.16 දින පැවැත්විය. ගරු සභාපතිතුමා ගේ උපදෙස් පරිදි, ලේකම්තුමාගේ මූලිකත්වයෙන්, වැඩ ක්ෂේත්‍ර හා RDA කම්කරු ශ්‍රම දායකත්වෙයන් වැඩසටහන සාර් ථකව ක්‍රියාත්මක කෙරුණි.

අඩුම මිලට ගලි සේවය
කඩිනම් , සුහදශීලී සේවාවන් යටතේ අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩුම අය කිරීමට අරණායක ප්‍රාදේශීය සභාවේ ගලි බවුසර් සේවාව දැන් ක්‍රියාත්මකයි.

දිප්පිටිය පොදු වෙළඳපොල කාමර අංක 17,18 බදු දීම
අරණායක ප්‍රාදේශීය සභාව සතු දිප්පිටිය පොදු වෙළඳපොල කාමර අංක 17,18 බදුදීම සඳහා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ලංසුකරුවන්ගෙන් 2025.08.07 දින පෙ.ව.10.00 දක්වා ලංසු කැඳවනු ලැබේ.

පළාත් සභා සංසදය විසින් පවත්වන ලද පුහුණු වැඩමුළුව
ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක් ගොඩනැගීම උදෙසා පළාත් සභා සංසදය විසින් 2025 වර් ෂයේ පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ අරණායක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභිකයින් හා කාර් යාලගත නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් 2025.06.04 වන දින සභා කාර් යාලයේ දී පවත්වන ලදී.

අරණායක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලෙස M.P. මංජුල සෙනවිරත්න මහතා වැඩ භාර ගැනීම
ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක් ගොඩනැගීම උදෙසාඅරණායක ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපති ලෙස සමඟි ජන බලවේගයෙහි M.P. මංජුල සෙනවිරත්න මහතා 2025.06.23 වන දින වැඩ භාර ගන්නා ලදී.

2026 වසරේ අයවැය ලේඛනය සැකසීම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම
2026 වර්ෂයට අදාළව අයවැය ලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. ඔබගේ අදහස් හා යෝජනා 2025.07.15 දිනට පෙර ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ප්‍රසම්පාදන දැන්වීම අරණායක ප්‍රාදේශිය සභාව
අරණායක ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පරිගණක කට්ටල් අටක් සමග ලැප්ටොප් පරිගණක දෙකක් මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.

පොසොන් පොහොය නිමිත්තෙන් ධර් ම දේශනාවක් පැවැත්වීම
පොසොන් පොහොය නිමිත්තෙන් අරණායක ප්‍රාදේශීය සභාවේ දිප්පිටිය පුස්තකාලය මඟින් 2025.06.09 වන දින පාඨක සමාජය සම්බන්ධ කරගනිමින් ධර් ම දේශනාවක් පවත්වා අරණායක ප්‍රදේශයේ දෙබිඩි දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය පරිත්‍යාගයන් සිදු කරන ලදී.

වෙසක් මහා කඩල දන්සල
අරණායක ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද වෙසක් මහා කඩල දන්සල 2025.05.15 වන දින ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී පවත්වන ලදී.

ලංසු කැඳවීමේ ආරාධනය අරණායක ප්‍රාදේශීය සභාව
අරණායක ප්‍රාදේශීය සභාවට අයත් පන්නල කනත්ත මාර්ගයේ රැදවුම් බැම්ම ඉදිකිරිම හා මාර්ග තලය වැඩිදියුණු කිරිම

අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ අවුරුදු උත්සවය
අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ දරු දැරියන් සමඟ 2025.04.09 දින අවුරුදු චාරිත්‍ර සිදු කිරීම සහ 2025.04.10 දින අවුරුදු උත්සවය පැවැත්වීම.

උස්සාපිටිය නිදහස් ආයුර් වේද බෙහෙත් ශාලාව මඟින් පවත්වන ලද ජංගම සායනය
අරණායක ප්‍රාදේශීය සභාවට අයත් උස්සාපිටිය නිදහස් ආයුර් වේද බෙහෙත් ශාලාව මඟින් සංවිධානය කර ඇරැව්පොල ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ දී 2025.03.15 දින සාර් ථකව ජංගම සායනයක් පවත්වන ලදී.

නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද දේශන වැඩසටහන
2025 වසරේ නිදහස් දිනයට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාවේ දිප්පිටිය මහජන පුස්තකාලයේ පාඨක සිසු දරුවන් වෙනුවෙන් 2025.02.03 දින දේශන වැඩසටහනක් පවත්වන ලදී.

ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් වියළි ආහාර පාර් සල් බෙදා දීම
ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තෝරාගන්නා ලද වයස අවුරුදු 60ට වැඩි පිළිකා රෝගීන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර පාර් සල් බෙදා දීමේ වැඩසටහනක් 2025.01.02 දින අරණායක ප්‍රාදේශීය සභාවේදී පවත්වන ලදී.

අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම - 2025
අරණායක ප්‍රාදේශීය සභාවට අයත් භාවිතා කරන ලද භාණ්ඩ අරණායක ප්‍රාදේශීය සභාවේ උස්සාපිටිය මහජන පුස්තකාල භූමියේදී 2025.03.25 දින පෙ.ව. 10.00 සිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

2025 පෙබරවාරි 11 වන දින පවත්වන ලද යෝගා වැඩසටහන
අරණායක ප්‍රාදේශීය සභාවේ කාර්යය මණ්ඩලයේ මානසික සහ කායික යහපැවැත්ම සහ සුවතාවය ඉහල නැංවීම සඳහා යෝගා වැඩසටහන 2025 පෙබරවාරි 11 වන දින පවත්වන ලදි...

GIS තාක්ෂණයෙන් මාර් ග සිතියම් සකස් කර මාර් ග ලියාපදිංචි කිරීම
GIS තාක්ෂණයෙන් මාර් ග සිතියම් සකස් කර මාර් ග ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් RDA - B136 මාර්ගය දෙපස සියලු මාර් ගයන් හි පළමුවර විරෝදතා කැඳවීමේ ගැසට් නිවේදනය 2025.01.17 දින නිකුත් කරන ලදී.

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කරන ලද සමාරම්භක වැඩසටහන
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව 2025.01.31 දින අරණායක ප්‍රාදේශීය සභාව විසින් අනිකුත් රාජ්‍ය ආයතනවලද සහයෝගය ලබාගනිමින් සමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරඟාවලිය 2024/2025
අරණායක ප්‍රාදේශීය සභාව සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා ක්‍රිකට් තරඟාවලියේ කෑගල්ල දිස්ත්‍රික් අනු ශුරතාවය ( C කාණ්ඩය යටතේ ) ලබන ලදී. අනු ශූරතාවය දිනු අරණායක ප්‍රාදේශීය සභාවේ ක්‍රිකට් කණ්ඩායම ට හදපිරි සුබ පැතුම් 💐💐💐

සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරඟාවලිය 2024/2025
අරණායක ප්‍රාදේශීය සභාව සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා එල්ලේ තරඟාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ශුරතාවය ( C කාණ්ඩය යටතේ )දිනා අවසන් මහා තරඟය ට සුදුසුකම් ලබා ඇත. ශූරතාවය දිනු අරණායක ප්‍රාදේශීය සභාවේ එල්ලේ කණ්ඩායම ට හදපිරි සුබ පැතුම් 💐💐💐

2025 අරණායක ප්‍රාදේශීය සභාවේ සමාරම්භය
අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය 2025 වර්ෂයේ දී ගුණාත්මක සේවාවක් තුළින් අභිමානවත් බල ප්‍රදේශයක් බවට පත් කිරීම උදෙසා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනිමින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

2025 වර්ෂය සදහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.
2025 වර්ෂය සදහා අරණායක සභාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සදහා කැමැත්තක් දක්වන පිළිගත් නිෂ්පාදකයින්, සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සදහා 2024/12/31 දින ප.ව.3.00 දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.

2024 අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාලේ විවිධ ප්‍රසංගය
2024 අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ විවිධ ප්‍රසංගය 2024.12.25 වන දින උස්සාපිටිය අරුණ ශ්‍රී රඟහලේ දී පවත්වන ලදී.

දිප්පිටිය පුස්තකාලයේ පාඨක සමාජයේ දු දරුවන් සඳහා කතන්දර පැයක්
2024.12.30 වන දින කියවීමේ මාසය වෙනුවෙන් දිප්පිටිය මහජන පුස්තකාලය මඟින් පාඨක සමාජයේ දූ දරුවන් සඳහා කතන්දර පැයක් වැඩසටහන පවත්වන ලදී.

දිප්පිටිය පොදු වෙළඳපොල විවෘත කිරීම.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශයේ සහ අරණායක ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ඉඳිකරන ලද අරණායක ප්‍රාදේශිය සභාවේ දිප්පිටිය පොදු වෙළඳ සංකීර්ණය 2024 මාර්තු මස 09 වෙනි දින සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදි

අරණායක ඩෙංගුවලින් තොර කලාපයක් කිරීමට විශේෂ වැඩසටහනක්
ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දිප්පිටිය නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරිමේ ඒකාබද්ධ වැඩසටහනක් අරණායක ප්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අරණායක පොලිසිය යන රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් දිප්පිටිය නගරයේදි 2024.08.16 දින සිදු කරන ලදි.

අරණායක ප්‍රාදේශිය සභාවේ නොදිරන කසල එකතු කිරිමේ වැඩසටහනක්
2024.05.14 වෙනි දින නොදිරන කසල එකතු කිරිමේ වැඩසටහනක් අරණායක ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

ප්‍රාදේශීය සභා ඉසුරු පෙරපාසලේ දරුවන්ගේ හසුරු කුසලතා නිර්මාණ දැක්ම
2025.10.01 ලෝක ළමා දිනට සමගාමිව අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙරපාසලේ දරුවන්ගේ හසුරු කුසලතා නිර්මාණ දැක්ම ගරු සභාපති තුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2025.10.02 පවත්වන ලදී.
