Category NEWS

උස්සාපිටිය නිදහස් ආයුර් වේද බෙහෙත් ශාලාව මඟින් පවත්වන ලද ජංගම සායනය

අරණායක ප්‍රාදේශීය සභාවට අයත් උස්සාපිටිය නිදහස් ආයුර් වේද බෙහෙත් ශාලාව මඟින් සංවිධානය කර ඇරැව්පොල ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ දී 2025.03.15 දින සාර් ථකව ජංගම සායනයක් පවත්වන ලදී. රෝගීන් සියයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා සායනයට සහභාගි විය.

නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද දේශන වැඩසටහන

2025 වසරේ නිදහස් දිනයට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාවේ දිප්පිටිය මහජන පුස්තකාලයේ පාඨක සිසු දරුවන් වෙනුවෙන් 2025.02.03 දින දේශන වැඩසටහනක් පවත්වන ලදී.

ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් වියළි ආහාර පාර් සල් බෙදා දීම

ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තෝරාගන්නා ලද වයස අවුරුදු 60ට වැඩි පිළිකා රෝගීන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර පාර් සල් බෙදා දීමේ වැඩසටහනක් 2025.01.02 දින අරණායක ප්‍රාදේශීය සභාවේදී පවත්වන ලදී.

අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම – 2025

අරණායක ප්‍රාදේශීය සභාවට අයත් භාවිතා කරන ලද පහත සඳහන් භාණ්ඩ අරණායක ප්‍රාදේශීය සභාවේ උස්සාපිටිය මහජන පුස්තකාල භූමියේ දී 2025.03.25 දින පෙ.ව. 10.00 සිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ. එදින පෙ.ව. 8.30 සිට භාණ්ඩ පරීක්ෂාව සිදු කළ හැකිය. භාණ්ඩවල තත්වය පිළිබඳව සෑහීමකට…

2025 පෙබරවාරි 11 වන දින පවත්වන ලද යෝගා වැඩසටහන

අරණායක ප්‍රාදේශීය සභාවේ කාර්යය මණ්ඩලයේ මානසික සහ කායික යහපැවැත්ම සහසුවතාවය ඉහල නැංවීම සඳහා යෝගා වැඩසටහන2025 පෙබරවාරි 11 වන දින පවත්වන ලදි.

සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරඟාවලිය 2024/2025

අරණායක ප්‍රාදේශීය සභාව සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා ක්‍රිකට් තරඟාවලියේ කෑගල්ල දිස්ත්‍රික් අනු ශුරතාවය ( C කාණ්ඩය යටතේ ) ලබන ලදී. අනු ශූරතාවය දිනු අරණායක ප්‍රාදේශීය සභාවේ ක්‍රිකට් කණ්ඩායම ට හදපිරි සුබ පැතුම් 💐💐💐

සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරඟාවලිය 2024/2025

අරණායක ප්‍රාදේශීය සභාව සබරගමුව පලාත් රාජ්‍ය සේවක ක්‍රීඩා එල්ලේ තරඟාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ශුරතාවය ( C කාණ්ඩය යටතේ )දිනා අවසන් මහා තරඟය ට සුදුසුකම් ලබා ඇත. ශූරතාවය දිනු අරණායක ප්‍රාදේශීය සභාවේ එල්ලේ කණ්ඩායම ට හදපිරි සුබ පැතුම් 💐💐💐

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කරන ලද සමාරම්භක වැඩසටහන

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාව විසින් 2025.01.31 දින සාමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා අරණායක පොලිසිය, අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන හා දිප්පිටිය රාජගිරිය මහා විද්‍යාලය, උස්සාපිටිය සුමංගල විද්‍යාලය හා…

අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ විවිධ ප්‍රසංගය

අරණායක ප්‍රාදේශීය සභා ඉසුරු පෙර පාසලේ විවිධ ප්‍රසංගය 2024. දෙසැම්බර් මස 25 වන දින උස්සාපිටිය අරුණ ශ්‍රී රඟහලේදී උත්කර්ෂවත්ව පවත්වන ලදී.

ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන දිප්පිටිය ආයුර්වේද ප්‍රජා සත්කාර සේවාව

සුවහසක් වූ ප්‍රදේශයේ ජනතාවගේ නිරෝගිකම ආරක්‍ෂා කරලීමටත් රෝග වලින් මුදවාලීමේ අරමුණත් පෙරදැරිව දිප්පිටිය ආයුර්වේද නිදහස් බෙහෙත් ශාලාව අරණායක ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන මහඟු ප්‍රජා සත්කාර සේවාවක් වන අතර, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයක් සේවා අපේක්ෂාවෙන් පැමිණෙන…