aranayake

aranayake

ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන දිප්පිටිය ආයුර්වේද ප්‍රජා සත්කාර සේවාව

සුවහසක් වූ ප්‍රදේශයේ ජනතාවගේ නිරෝගිකම ආරක්‍ෂා කරලීමටත් රෝග වලින් මුදවාලීමේ අරමුණත් පෙරදැරිව දිප්පිටිය ආයුර්වේද නිදහස් බෙහෙත් ශාලාව අරණායක ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන මහඟු ප්‍රජා සත්කාර සේවාවක් වන අතර, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයක් සේවා අපේක්ෂාවෙන් පැමිණෙන…

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දිප්පිටිය නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරිමේ ඒකාබද්ධ වැඩසටහන

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දිප්පිටිය නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරිමේ ඒකාබද්ධ වැඩසටහනක් අරණායක ප්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අරණායක පොලිසිය යන රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් දිප්පිටිය නගරයේදි 2024.08.16 දින සිදු කරන ලදි.

නොදිරන කසල එකතු කිරිමේ වැඩසටහනක් අරණායක ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන්

024.05.14 වෙනි දින  නොදිරන කසල එකතු කිරිමේ වැඩසටහනක් අරණායක ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

අරණායක ප්‍රාදේශිය සභාවේ දිප්පිටිය පොදු වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදි

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශයේ සහ අරණායක ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ඉඳිකරන ලද අරණායක ප්‍රාදේශිය සභාවේ දිප්පිටිය පොදු වෙළඳ සංකීර්ණය 2024 මාර්තු  මස 09 වෙනි දින සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ සුරතින්…

වරිපනම් අය කිරීම

1.    හැඳින්වීම‍         ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශය සඳහා එකී ප්‍රාදේශීය සභාව විසින් ද කිසියම් මහා නගර සභාවක්…

වීථී රේඛා – ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීම

1.     හැදින්වීම.         (අ)   වීථි රේඛා සීමාව                i.    පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි යම් පාරවල් ගමනාගමනයට පහසු ආකාරයෙන් පළල් කිරීමට ඒ පළාත් පාලන ආයතනය තීරණය කර ඇති අවස්ථාවක, ඒ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ කොටස් නිරූපණය කරන…

ගොඩනැගිලි සැලසුම් සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීම

1.     හැඳින්වීම         පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීම් නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද නීති මගින් ඒ බල ප්‍රදේශය තුළ ජිවත් වන ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව සහ සුබසාධනය නියාමනය කිරීමේ අධිකාර බලය පළාත් පාලන ආයතන වෙත පවරා…

ගස් වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරිම

01.  හැඳින්වීම         (අ)   පළාත් පාලන ආයතන වෙත පැවරී තිබෙන කර්තව්‍යය අතර, ජනතාවගේ සුඛ විහරණය, පහසුව, සුබ සාධනය හා සියලු පහසුකම් ආරක්ෂා කිරීම යන කරුණු ප්‍රධාන වේ. මේ කාරණා අතරට මහජන පීඩා වැළැක්වීම ද ඇතුළත් වේ. යම් ගසකින් හෝ ඉන්…

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම

1.     හැඳින්වීම         ඇතැම් කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදු විය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙන් පැවරී ඇති බලතල යටතේ එම කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා පාලනය කිරීමට පරිසර විෂය භාර…

කර්මාන්ත බද්ද අය කර ගැනීම

1.     හැඳින්වීම                                              (අ)   බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන…