සුවහසක් වූ ප්‍රදේශයේ ජනතාවගේ නිරෝගිකම ආරක්‍ෂා කරලීමටත් රෝග වලින් මුදවාලීමේ අරමුණත් පෙරදැරිව දිප්පිටිය ආයුර්වේද නිදහස් බෙහෙත් ශාලාව අරණායක ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන මහඟු ප්‍රජා සත්කාර සේවාවක් වන අතර, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයක් සේවා අපේක්ෂාවෙන් පැමිණෙන ඔබ වෙත ගුණාත්මක හා ඵලදායී සේවාවක් ලබාදීමට වගකීමෙන් බැඳී සිටින අතරම, රෝගී හෝ නිරෝගී ඔබගේ කායික මෙන්ම මානසික සහනය සඳහා අවශ්‍යම ප්‍රතිකාරයන් හා උපදේශනයන් ලබාදීමට සැදී පැහැදී සිටින අප ඔබගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.








