2025 වර්ෂය සදහා අරණායක සභාවට අවශ්‍ය පහත සදහන් භාණ්ඩ හා සේවා සැපයීම සදහා කැමැත්තක් දක්වන පිළිගත් නිෂ්පාදකයින්, සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සදහා 2024/12/31 දින ප.ව.3.00 දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.
ලියා පදිංචි වීමට කැමති ඉල්ලුම් කරුවන් තමා විසින් සකස් කර ගත් අයදුම්පතේ නම,ලිපිනය,ව්‍යපාරයේ ස්වභාවය,සුදුසුකම් හා අනෙකුත් විස්තර සඳහන් කොට තම ආයතනයේ ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක් හා අනන්‍යතාවය සහතික කිරීම සදහා ජාතික හැදුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.සැපයුම්කරුවන් ඉල්ලුම් කරන එක් එක් විෂය සදහා ආපසු නොගෙවන රු.1000.00 ක මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් ගෙවිය යුතුය.එය මුදලින් හෝ ලේකම්,අරණායක ප්‍රාදේශීය සභාව නමින් චෙක්පතකින් “ලේකම්,ප්‍රාදේශීය සභාව,අරණායක” ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. මුදල් ඇණවුම් භාරගනු නොලැබේ. කාර්යාල වේලාවන් තුළ මුදලින්ද ලියාපදිංචි ගාස්තුව ගෙවිය හැක.
(අ) . සැපයුම්කරුවන් :
- කාර්යාල උපකරණ, වානේ හා ලී බඩු, ප්ලාස්ටික් උපකරණ
- සියලුම ලිපි ද්‍රව්‍ය (ටෝනර් සහ රෝනියෝ තීන්ත ඇතුලු)
- සියලුම විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික් උපකරණ (වීථි ලාම්පු උපකරණ ඇතුළු)
- සෞඛ්‍ය උපකරණ (කසල කරත්ත,වීල්බැරෝ,සවල්,උදලු.මුල්ලු,රේක්ක,කැති,තාච්චි,කොසු,ඉදල්,විෂබීජ නාෂක)
- ගොඩනැගිලි ද්‍රව්‍ය (වැලි,සිමෙන්ති,ගඩොල්,ගල්,මැටල්,බොරළු,ෂැටලින් ලෑලි)
- නිල ඇදුම් සදහා රෙදි, සාරි හා තිර රෙදි වර්ග
- මෝටර් වාහන, යන්ත්‍ර සූත්‍ර අලුත් වැඩියා අමතර කොටස්
- කොන්ක්‍රීට් ආශ්‍රීත නිෂ්පාදන හා හියුම් පයිප්ප
- නාම පුවරු, දැන්වීම් පුවරු, බැනර්, ඩිජිටල් ප්‍රින්ට්,සමරු ඵලක හා මුද්‍රණ කටයුතු ආදිය
- සියලු තාර වර්ග හා තාර ආශ්‍රිත ද්‍රව්‍ය
- යතුරු ලියන, ඡායා පිටපත් යන්ත්‍ර, ඩුප්ලෝ,පරිගණක හා පරිගණක ආශ්‍රිත අමතර කොටස් හා උපකරණ
- ටයර් වර්ග හා වාහන බැටරි
- සියලුම හාඩ්වෙයාර් අයිතමයන් හා තීන්ත වර්ග
- කෘමිනාශක වර්ග හා වල් නාශක වර්ග
- LP ගෑස් සැපයීම
- පුස්තකාල පොත්, සඟරා,පුවත්පත්
- වෛද්‍ය උපකරණ
- ළමා උද්‍යාන උපකරණ ( පෙර පාසල් උපකරණ, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ)
- ශබ්ද විකාශන යන්ත්‍ර හා ඒ සම්බන්ධ අමතර උපකරණ
- පාවහන්, සපත්තු,සම් භාණ්ඩ, හා කාර්යාල හම් බෑග්
- ගිනි නිවන උපකරණ හා නඩත්තු සේවා
- ජෙනරේටර්
- හට් වර්ග,කැනපි
- උත්සව සදහා ආහාර (කෙටි හා දිවා)
- දුරකථන පද්ධති යන්ත්‍ර උපකරණ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම් උපකරණ, ආරක්ෂිත කැමරා හා ඇගිලි සලකුණු යන්ත්‍ර
(ආ) . සේවා :
- නොතාරිස් හා නීතීඥ සේවා
- මිනින්දෝරු සේවා
- වාහන සේවා
- ආදාහනාගාර අලුත්වැඩියාව
- වාහන හා පුටු කුෂන් වැඩ ත්‍රී රෝද රථ ටෙන්ට් ගැසීම
- යතුරු ලියන, ඡායා පිටපත් යන්ත්‍ර, පරිගණක හා ඒ ආශ්‍රිත උපාංග අලුත් වැඩියාව හා සේවා කිරීම
- අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම
- භාෂා පරිවර්තන සේවා
- කියුබ් එකේ ලොරි රථ සේවා/ස්කැවේටර් යන්ත්‍ර සේවා සැපයීම
- කාර්යාල ගෘහ භාණ්ඩ අලුත් වැඩියාව හා වේවැල් පුටු විවීම
- ශබ්ද විකාශන යන්ත්‍ර හා උත්සව සදහා වේදිකා භාණ්ඩ සැපයීම
- ඇලුමිනියම් උපාංග හා දොර ජනෙල් සෑදීම හා වෙනත් කටයුතු (පාටිෂන්)
- බැකෝ යන්ත්‍ර ගල් රෝල් අලුත් වැඩියාවන් හා හයිඩ්‍රොලික් පද්ධති අලුත් වැඩියාව
- වාහන වායු සමීකරණ යන්ත්‍ර අළුත්වැඩියා කිරීම
- වාහන ටැක්ටර් ටේලර් ,කසල කරත්ත පින්තාරු හා ටින්කරින් වැඩ සයිලන්සර් පෑස්සීම හා සියළුම වෑල්ඩින් වැඩ
- වාහන විදුලි පද්ධති අළුත් වැඩියා කිරීම
- සියළුම වාහන අළුත්වැඩියා කිරීම
- ජෙනරේටර් යන්ත්‍ර තණකොළ කපන යන්ත්‍ර,වතුර මෝටර් ඇතුළු සියලුම යන්ත්‍ර සුත්‍ර අළුත්වැඩියා කිරීම
- ටයර් ටියුබ් වායු පරීක්ෂාව හා වාහන බැටරි සේවා කිරීම
(ඇ) . කොන්ත්‍රාත්කරුවන් වශයෙන් ලියාපදිංචි කිරීමේ ගාස්තු.
- රු.250,000.00 ක් දක්වා රු. 3,000.00
- රු.250,001.00 සිට රු.500,000.00 දක්වා රු. 4,000.00
- රු.500,001.00 සිට 1000000.00 දක්වා රු. 5,000.00
- රු.1,000,001.00 සිට 2,000,000.00 දක්වා රු. 10,000.00
- රු.2,000,000.00 ට වැඩි (ඉක්ටෑඩ් ලි.ප.අවශ්‍ය වේ) රු. 15,000.00
කොන්දේසි :
- විවිධ සැපයුම්කරුවන් තෝරා ගැනීම සභාව සතුවන අතර සැපයුම්කරුවන් ප්‍රතික්ෂේප කිරීමේදී ඊට හේතු නොදන්වනු ලැබේ.
- ඉල්ලුම් කළ විට මිල ගණන් ඉදිරිපත් නොකරන්නාවූ හා නියමිත ප්‍රමිතීන්ට අනුව භාණ්ඩ හා සේවා නොසපයන සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කිරීමේ බලය ප්‍රාදේශීය සභාව සතු වන අතර, එවිට ලියාපදිංචි ගාස්තු ආපසු නොගෙවනු ඇත.
- ඉදිරිපත් කරන මිල ගණන් මාස 03 ක් වත් වලංගු විය යුතුය.ප්‍රවාහනයේදී සිදුවන අලාභ හානි පිළිබදව සභාව වගකියනු නොලබන අතර, සියලු භාණ්ඩ අරණායක ප්‍රාදේශීය සභාව වෙත ගෙනවිත් භාර දිය යුතුය.
- කොන්‍ත්‍රාත්කරුවන් වශයෙන් ලියාපදිංචි වීමට අදහස් කරන ආයතන හා පුද්ගලයන් ඉදිකිරීම් හා ඉදිකිරීම් සංවර්ධන ආයතනයේ හෝ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ හෝ රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් පාලන ආයතනවල, සතුටුදායක සේවා සපයා ඇති බවට ලිඛිත සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
- භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමට ප්‍රථම මුදල් ගෙවීම සිදු කරනු නොලබන අතර, බිල්පත් ඉදිරිපත් කළ පසු චෙක්පත් මගින් ගෙවීම් කටයුතු සිදු කරනු ලැබේ.
- සැපයුම් සදහා සහ කොන්ත්‍රාත් සදහා සාමාන්‍යයෙන් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් සහ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ගෙන් මිල ගණන් කැදවනු ලබන අතර, අවශ්‍ය අවස්ථාවන්හීදී බාහිර ආයතනයන්ගෙන්ද මිල ගණන් කැදවීමේ අයිතිය සභාව සතුය.
- ඉල්ලුම්පත් බහා එවන කවරයේ වම්පස ඉහල කෙලවරේ “2025 වර්ෂයේ සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම” යනුවෙන් සදහන් කර එවිය යුතුය.
- මේ පිළිබද වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් දුරකථන අංක 035 – 2258075 මගින් විමසිය හැකිය.
2024.10.02 දින අරණායක ප්‍රාදේශීය සභා කාර්යාලයේදී,
පී.ජී.යූ.ජයවික්‍රම,
ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය
ක්‍රියාත්මක කිරීමේ නිලධාරි,
ප්‍රාදේශීය සභාව,
අරණායක.



