දිට්වා සුළිකුණාටුව හමුවේ අරණායක ප්‍රාදේශීය සභාවේ සක්‍රීය දායකත්වය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපදා බොහොමයක් සිදු වූ අතර අරණායක ප්‍රාදේශීය සභාව එහිදී විශාල කැපවීමකින් කටයුතු කරන ලදී. අවතැන් කඳවුරු සඳහා ජලය ලබා දීම, ආපදා මාර්ග පිළිසකර කිරීම, ළිං පිරිසිදු කිරීම, කඩා වැටී ඇති ගස් කපා ඉවත් කිරීම ඇතුළු ඒ කාලසීමාව තුළ අත්‍යවශ්‍යය වූ සියලු සේවාවන් ඉටු කරනු ලැබූ අතර ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කළ සියලු දෙනාට ස්තූතිවන්ත වෙමු. එසේම උදව් උපකාර කිරීමට පැමිණි කහවත්ත ප්‍රාදේශීය සභාවට ද ආධාර සැපයූ ලක් වැසි සියලු දෙනාටද ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *