පුනරුදයේ පුරවර 2025- පොහොසත් රටක් ලස්සන අනාගතයක්
පළාත් පාලන සතිය 2025.09.15 ජංගම සේවා දිනය
අරණායක තෙල්ලෙක ශ්‍රී ශයිලදර්ශනාරාම විහාරස්ථානයේදී රාජ්‍ය ආයතන එකාබද්ධව ජංගම සේවා වැඩසටහනක් පවත්වන ලදී.
සමාරම්භක අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මැතිතුමා, ප්‍රාදේශීය සභා සභාපති තුමා, ප්‍රාදේශීය ලේකම් තුමිය, පොලිස් ස්ථානාධිපතිතුමා,දිස්ත්‍රික් සෞඛ්‍ය වයිද්‍යා නිලධාරී, ප්‍රාදේශීය සභා මන්ත්‍රීමණ්ඩලය, ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජංගම සේවය පවත්වන ලදී.
එහිදී, මාර්ග ගැටළු, අනතුරුදායක ගස් සම්බන්ධ මහජන ගැටළු ඉදිරිපත් විය.
ආයුර්වේද වෛද්‍ය සායනයක් හා බෝ නොවන රෝග සම්බන්ධ සායනයක් පැවැත්වූ අතර
ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය විසින් පැමිණ සිටි පිරිසට බෙලිමල් පැන් සංග්‍රහයක් ද ලබා දෙන ලදී.
















