අරණායක ප්රාදේශිය සභාවේ ප්රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සදහන් අයුරින් පරිගණක කට්ටල් අටක් සමග ලැප්ටොප් පරිගණක දෙකක් මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.
i-ඩෙස්ක් ටොප් පරිගණක 08 ක් (ups-මවුස්-කිබෝඩ්)
ii-ලැප් ටොප් පරිගණක 02 ක්
ඔබ විසින් එවනු ලබන මිළ ගණන් 2025- 09-22 දින පෙ.ව.10.00 දක්වා සභාපති ප්රාදේශිය සභාව අරණායක යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැකිය. ටෙන්ඩර් විවෘත කිරීම එදින පෙ.ව.10.30 ට ප්රාදේශිය සභා කාර්යාලයේදී සිදුකෙරේ.
02. ටෙන්ඩර් බහාලන කවරයේ වම්පස ඉහල කෙලවරේ “ පරිගණක මිළදී ගැනීම සදහා මිළ ගණන් ” යනුවෙන් සදහන් කල යුතුය.
03.ඔබ විසින් එවනු ලබන මිළගණන් මුල් පිටපත සහ අනු පිටපත යනුවෙන් සටහන් කර වෙන වෙනම කවර වල බහා එවිය යුතුය.
04. අදාළ භාණ්ඩ මිළදී ගැනීම සදහා සුදුසු ටෙන්ඩර්කරු තේරීම සම්බන්ධව අවසන් තීරණය ටෙන්ඩර් මණ්ඩලය සතුය.
05.භාණ්ඩ ඇණවුම් කළ පසු එය ප්රාදේශිය සභාව වෙත සපයා දිය යුතුය.
06.අදාළ භාණ්ඩ මිළදී ගැනීමේ පිරිවිතරය මේ සමග අමුනා ඇත.එකි පිරිවිතර භාවිතා කර ඔබගේ මිළගණන් එවිය යුතුය.
07.භාණ්ඩ සමග බිල්පත අප වෙත ලැබීමෙන් පසු චෙක්පතකින් මුදල් ගෙවීමට කටයුතු කරන බව වැඩිදුරටත් දන්වා සිටිමි.
ප්රසම්පාදන කමිටුවේ සභාපති,
එම්.පී.මංජුල සෙනවිරත්න,
සභාපති ප්රාදේශිය සභාව,
අරණායක.
දුරකථන අංකය-0352258075



