ටෙන්ඩර් දැන්වීමයි

අරණායක ප්‍රාදේශීය සභාව සතු දිප්පිටිය පොදු වෙළඳපල කඩ කාමර 2 ක් බදුදීම

  1. අරණායක ප්‍රාදේශීය සභාව සතු පහත උපලේඛනයේ සඳහන් දේපල බදුදීම සඳහා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ලංසුකරුවන්ගෙන් 2025.08.07  දින පෙ.ව.10.00 දක්වා ලංසු කැඳවනු  ලැබේ.
  2. මෙම දේපලට අදාල  ලංසු සඳහා වූ අකෘති පත්‍ර 2025.08.06 දින ප.ව. 3.00 දක්වා සතියේ කාර් යාල දිනවල, ප්‍රාදේශීය සභා කාර් යාලය වෙතින් ලබා ගත හැකිය.
  3. ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලංසු ආරාධනා පත්‍ර 2025.08.07 දින පෙ.ව.10.00 තෙක් පිටපත් 2කින්  සකස් කර  ටෙන්ඩර් පෙට්ටියට බහාලීමෙන් හෝ ලේකම්, ප්‍රාදේශීය සභාව, අරණායක ලෙස දක්වා ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ හැකිය. එම ලංසු ආරාධනා පත්‍ර බහාලන කවරයේ  වම්පස ඉහළ කෙළෙවර  “දේපල බදුදීම සඳහා ලංසු ආරාධනා පත්‍ර ”ලෙස දැක්විය යුතුය.
  4. මෙම ලංසු ආරාධනා පත්‍ර 2025.08.07 දින පෙ.ව.10.10ට විවෘත කරනු ලැබේ. එම අවස්ථාවට ඔබට හෝ නියෝජිතයෙකුට සහභාගී විය හැකිය.
  5. මෙම ලංසු ආරාධනා වූ  මිල සඳහා  රජය විසින් පනවනු ලබන බදු මුදල්වලට යටත්වේ.
අනු අංකයවිස්තරයඅවම ලංසුව රු.ශතආපසු ගෙවන ටෙන්ඩර් ඇප තැන්පත් රු.ශතආපසු නොගෙවන පෝරම ගාස්තුව රු.ශත  
01දිප්පිටිය පොදු වෙ‍ෙළඳපල කඩ අංක17504000025000050000
02දිප්පිටිය පොදු වෙ‍ෙළඳපල කඩ අංක18450000022500050000

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර පහත දුරකථන අංකයන්ට ඇමතීමෙන් ලබා ගත හැකිය. (කොන්දෙසි පිටුව 2 බලන්න)

( 035 2258075 – 077 902 9051 – 071 584 9902)

දිනය -2025.07.14

එම්.පි.මංජුල සෙනවිරත්න

සභාපති,

අරණායක ප්‍රාදේශිය සභාව.

page 1

ටෙන්ඩර් කොන්දේසි

අරණායක ප්‍රාදේශිය සභාවේ දිප්පිටිය පොදු වෙළදපොල කාමර අංක 17,18 බදු දීම

01.සියලුම අයදුම්කරුවන් ශ්‍රි ලාංකික විය යුතුය.

02. අයදුම්කරුවන් පදිංචිය සහතික කිරිම සඳහා පදිංචි සහතිකය ඉදිරිපත් කළ යුතුය.

03.ටෙන්ඩර් දැන්වීමේ උපලේඛනයේ සඳහන් කර ඇති පරිදි නියමිත ඇප මුදල් හා ටෙන්ඩර් ආකෘති  පත්‍ර ගාස්තු ගෙවා ඒ සඳහා  උනන්දුවක් දක්වන අය වෙතින් ටෙන්ඩර් කැදවනු ලබේ.

04.සියලුම ටෙන්ඩර් පිටපත් දෙකකින් යුතුව මුල් පිටපත ,අනු පිටපත වශයෙන් වෙන වෙනම කවර දෙකක  බහා මුද්‍රා තබා “සභාපති,අරණායක  ප්‍රාදේශිය සභාව,දිප්පිටිය.යන ලිපිනයට ඉදිරිපත් කළ යුතුය.

05.සියලුම ටෙන්ඩර් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.කෙසේ වුවද මුද්‍රා තබන ලද ටෙන්ඩරය ටෙන්ඩර් පෙට්ටියට බහා ලීම මඟින්ද භාරදීම කළ හැකිය.

06.ටෙන්ඩරය බහාලන මුද්‍රා තබන ලද කවරයේ වම් කෙළවරෙහි “ උප ලේඛනයේ ටෙන්ඩරයේ නම හා අදාල අනු අංකය “සඳහන් විය යුතු අතර එය 2025.08.06 ප.ව3.00 ට පෙර ලැබෙන සේ ප්‍රාදේශිය සභාව වෙත එවිය යුතුය.

07.ටෙන්ඩරය සඳහා ඉල්ලුම් කළ යුත්තේ 2025.07.16 දින සිට සභාපති වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමෙන් ලබාගත් ආකෘති පත් මගිනි.

08.පිළිගත් ආකෘති පත්‍රය මඟින් ඉදිරිපත් කරනු නොලබනු හෝ ටෙන්ඩර් කොන්දේසිවල සදහන් කර දක්වා ඇති කොන්දේසි හා අවශ්‍යතාවලට අනුකූල නොවන කිසිදු ටෙන්ඩරයක් සලකා බලනු නොලැබේ.

09.ටෙන්ඩර් ලියකියවිලිවල කිසිදු වෙනස් කිරීමක් හෝ මකා දැමීමක් කරනු ලැබේ නම් ඒ සෑම එකක්ම ටෙන්ඩර්කරුවන් විසින් කෙටි අත්සනක් යොදා සහතික කළ යුතුය.

10.ආපසු නොගෙවන අදාල පෝරම ගාස්තු සහ ආපසු ගෙවන අදාල ටෙන්ඩර් ඇප තැන්පත් මුදලක් ප්‍රාදේශිය සභාව වෙත ගෙවීම  අවශය්‍ය වන අතර කවර හෝ ටෙන්ඩර් ආකෘති  පත්‍රයක් නිකුත් කල යුත්තේ ඉහත කී ගෙවීම් වෙනුවෙන් ලබාගත් ලදුපත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

11.ටෙන්ඩරයේ පිළිගත් බව සඳහන් ලිඛිත නිවේදනයක් ලැබීමෙන් දින 10 ක් තුල කවර හෝ ටෙන්ඩර් කරුවෙකු බදු කොන්ත්‍රාක් ගිවිසුම අත්සන් කිරීමට අපොහොසත් වන්නේ නම් ආපසු ගෙවනු බවට ඉහත කී ටෙන්ඩර් ඇප තැන්පත් මුදලද සභාව විසින් රාජසන්තක කරනු ලබනවා ඇත.

12.ටෙන්ඩර්කරු විසින් සඳහන් කර ඇති ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් යවනු ලැබ ඇත්නම් හෝ ඒකී ලිපිනය වෙත භාර දී ඇත්නම් හෝ අදාල දැන්වීම් එම ටෙන්ඩර්කරු  වෙත ලැබි ඇති බවට සලකනවා ඇත.

13.ටෙන්ඩරය අහිමි වු ටෙන්ඩර්කරුවන්ගේ ආපසු ගෙවනු ලබන තැන්පත් මුදල් බදු ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ආපසු ගෙවනු ලැබෙනවා ඇත.

14.ටෙන්ඩරය දිනු පුද්ගලයා විසින් කොන්ත්‍රාක්තුව නිසි අයුරින් සපුරන බවට ඔහුගේ වියදමින් ගිවිසුමට සභාව සමග බැඳිමට කටයුතු කළ යුතු අතර සභාව අනුමත කරන ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ යුතුව ඇත.    

 15 .සාර් ථක ටෙන්ඩර්කරු ලෙස තමා තෝරා ගතහොත් තමා විසින් සභාව සමග ඇතුලත් විය යුතු ගිවිසුම් විස්තර සදහන් ගිවිසුම් ආකෘතිය සභාව වෙතින් ලබාගෙන ඉහත සුපරීක්ෂාකාරිව අධ්‍යනය කළ යුතු අත අවශ්‍ය වේ නම් සභා කාර්‍යාලය වෙතින් ඒ පිළිබඳ  පැහැදිලි කිරීම් ලබා ගත යුතුය.

16.ටෙන්ඩරය කිසිවක් හෝ සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රාදේශිය සභාවේ ටෙන්ඩර් මණ්ඩලය සතු වේ.

17.ටෙන්ඩරය දිනු පුද්ගලයා විසින් මුලු ටෙන්ඩර් වටිනාකමින් මාසික වාරික 06 ක (50% ක) මුදලක් ඇප තැන්පත් මුදලක් ලෙස බදු ගිවිසුම අත්සන් කරන මොහොතේ ප්‍රාදේශිය සභා අරමුදලට ගෙවිය යුතුය.

18.නිසි පරිදි දෙන ලද බලයකින් තොරව  කිසිදු ටෙන්ඩරයක් අනෙකෙකු වෙත පැවරීමට හෝ අතුරු බදු දීමට නොහැකිය.බදුකරු වෙනුවෙන් අදාල ටෙන්ඩරය කරගෙන යාමට කවර හො වෙනත් පුද්ගලයන් වෙත බලය පවරමින් බදුකරු විසින් කරන ලද යම් ඇටෝර්නි බලයක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය සභාව වෙතම රැදී පවතිනු ඇත.

19.ටෙන්ඩරය දිනු පුද්ගලයා වෙත සභාව විසින් ටෙන්ඩරය ප්‍රදානය කිරීම සිදුකර දින 10 ක් තුල  ගිවිසුම්හගතව අදාල කාර්‍ය  ඉටුකිරිම  ප්‍රතික්ෂේප කරන්නෙ නම්,ටෙන්ඩරය ප්‍රදානය අහෝසි කර අවම ලංසුවට වැඩි ලංසු ඉදිරිපත් කර ඇති ඊලඟ ලංසුකරුට හෝ එකඟවෙන ලංසුකරුට ටෙන්ඩරය පිරීනැමීමට සභාවේ ටෙන්ඩර් මණ්ඩලයට තීරණය කළ හැකිය.

20.මාසික බදු කුලී මුදල මෙන් වසර 10 කට(මාස120ක) අයකර ගත යුතු බදු කුලී මුදලට සමාන මුදලක් පෙර ගෙවුම් මුදල් වශයෙන් එකවර තැන්පත් කළ යුතුය.පළාත් පාලන කොමසාරිස්ගේ අංක 1/2023 හා 2023.05.01 දිනැති චක්‍රලේඛයේ 8.3,(අ) වගන්තිය ප්‍රාකාරව බදු කාල සීමාව උපරිම වසර 30 කට හා ටෙන්ඩර් (ලංසු) සුරක්ෂණය වසරක් යටතේ බල පැවැත්වේ.

21.ටෙන්ඩර් විවෘත කරනු ලබන වේලාවට එහි රැදී සිටීමට ටෙන්ඩර් කරුට අවසර ඇත.ටෙන්ඩර් කරුගේ බලය පැවරීම ලිඛිත ඉල්ලීමක් මත,ඔහුගේ නියෝජිතයෙකුටද සහභාගි විය හැකි වන අතර, ඔහුගේ අනන්‍යතාව තහවුරු කල යුතුය.ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති අයගේ නම් සහ එක් එක් ටෙන්ඩර්කරු විසින් සදහන් කර ඇති මිල ගණන්ද ටෙන්ඩරය විවෘත කරන අය විසින් ප්‍රකාශ කෙරෙනු ඇත. කවර හෝ ටෙන්ඩර්කරුවෙකුට එකතුව පරික්ෂා කර බැලීමට  අවශ්‍ය වන්නේ නම් ටෙන්ඩර් ලියවිල්ල අවසාන පිටුව පරික්ෂා කර බැලීමෙන් එසේ කළ හැකිය.

22.ලංසු මිල ගණන් ශ්‍රි ලංකා රුපියල් වලින් ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර , එය අකුරින්  හා ඉලක්කමින් යන දෙයාකාරයකින්ම ඉදිරිපත් කල යුතුය.

23.ටෙන්ඩර් කිසිවක් හෝ සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය සහ ටෙන්ඩරයකින් කවර හෝ කොටසක් පිළිඟැනිමේ අයිතිය කිසිදු ප්‍රශ්නයකින් තොරව  තමා වෙත පවරා ගැනීමේ බලය සභාව වෙතම රැදී පවතිනු ඇත.

24.බදුකරුගේ මරණින් පසු බදු අයිතිය පැවරීම සඳහා පුද්ගලයෙකු නම් කිරිමේ අයිතිවාසිකම් බදුකරුට ඇති අතර එසේ නම් කරන අය බදුකරුගේ කලත්‍රයා හෝ දරුවෙකු විය යුතුය. අවිවාහක බදු කරුවෙකු නම් තම පියා,මව හෝ සහෝදරයෙකු නම් කිරීමේ හැකියාව බදුකරු සතු වේ.

25.මෙම කඩ කාමරය ටෙන්ඩර්කරු ලබා දුන්නද එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කළ යුත්තේ ජනතා අයිතියට පත්කළ පසුවය.

26. කඩ කාමරය සදහා විදුලිය හා ජලය  අවශ්‍ය වන්නේ නම් සභාවේ අවසරය ලබාගෙන කඩ කාමරයට  සීමා වු ජල මීටරයක් තුලින්  ජලය හා විදුලිය ලබා ගත යුතුය. ඒ සදහා මාසිකව ලැබෙන  බිල්පත් ඔබ විසින් මාසිකව ගෙවිය යුතුය.

27.සභාව විසින් අවසර දෙන ලද ව්‍යාපාර පමණක් පවත්වා ගෙන යා යුතුය. ව්‍යාපාර  වෙනස් කිරීමට සභාව දැනුවත් කිරීමෙන් ගිවිසුමට අනුව සිදුකළ යුතුය.

ඉහත කොන්දේසි වලට මම එකඟ වෙමි.                             

අත්සන :
නම :
ජාතික හැදුනුම්පත් අංකය :
ලිපිනය :
දිනය :

page 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *