2026 වර්ෂයට අදාළව අයවැය ලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. 2026 අයවැය මඟින්,
- ප්‍රාදේශීය සභාව සතු මාර්ග සංවර්ධනය කිරීම (බෝක්කු බැමි ඉදි කිරීම, ආපදා පිළිසකර කිරීම)
- පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉහළ මහල කඩ කාමර ඉදි කිරීම
- ප්‍රාදේශීය සභාව සතු ආයුර්වේද, පුස්තකාල, පෙරපාසල් නඩත්තු කිරීම හා පුස්තකාල සඳහා පොත් සපයා දීම
- ප්‍රාදේශීය සභාව සතු සුසානභූමි සඳහා වැටවල් සැකසීම
- ප්‍රාදේශීය සභාව සතු පොදු ළිං නඩත්තු කිරීම
- සෞඛ්‍යය හා සනීපාරක්ෂක සේවා (රෝග මර්ධන කටයුතු), පරිසර සමගාමී වැඩසටහන්, කාන්තා හා තරුණ වැඩසටහන්, ආබාධිත පුද්ගලයින් සඳහා වැඩසටහන්
- දුප්පත් පවුල් වෙනුවෙන් සහනාධාර ලබා දීම……. යනාදී වැඩසටහන් සිදු කිරිමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව ඔබගේ අදහස් හා යෝජනා 2025.07.15 දිනට පෙර ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
පහත QR කේතය Scan කිරීම මඟින්ද ඔබගේ අදහස් හා යෝජනා Google Form (ආකෘතිය) හරහා ඉදිරිපත් කල හැකි බව කාරුණිකව දන්වා සිටිමි.

පී.ජී.උදය ජයවික්‍රම ,
ලේකම් හා බලතල කාර්ය කර්තව්‍යය,
ක්‍රියාත්මක කිරීමේ නිළධාරී,
ප්‍රාදේශීය සභාව,
අරණායක.


