ලංසු කැඳවීමේ ආරාධනය අරණායක ප්‍රාදේශීය සභාව

අරණායක ප්‍රාදේශීය සභාවට අයත් පන්නල කනත්ත මාර්ගයේ රැදවුම් බැම්ම ඉදිකිරිම හා මාර්ග තලය වැඩිදියුණු කිරිම

ලංසු කැඳවීමේ ආරාධනය- අරණායක ප්‍රාදේශීය සභාව

අරණායක ප්‍රාදේශීය සභාවට අයත් පන්නල කනත්ත මාර්ගයේ රැදවුම් බැම්ම ඉදිකිරිම හා මාර්ග තලය වැඩිදියුණු කිරිම සඳහා හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ලබා දී ඇති ප්‍රතිපාදන යටතේ මෙහි පහත සඳහන් වැඩ විෂය සඳහා අරණායක ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් නිපුණතා පූර්ණ සහ සුදුසුකම් සහිත ලංසු කරුවන්වෙතින් පහත සඳහන් කොන්ත්‍රාත්තුව සඳහා මුද්‍රා තැබු ලංසු කැඳවනු ලැබේ.

අනු අංකයකොන්ත්‍රාත් අංකයවැඩ විෂයදළ ඇස්තමේන්තු වැඩ වටිනාකමරු.මිආපසු නොගෙවන ටෙන්ඩර් ගාස්තු රු.කොන්ත්‍රාත් ලියා පදිංචිය  (CIDA)
01PS/AR/WB/05/2024පන්නල කනත්ත මාර්ගයේ රැදවුම් බැම්ම ඉදිකිරීම හා මාර්ග තලය වැඩි දියුණු කිරිම4.163000.00C7/C8

2. ජාතික තරඟකාරි ලංසුකරණ ක්‍රියාපටිපාටිය(NCB) තුළින් මෙම ලංසුකරණය පවත්වනු ලැබේ.

3.කොන්ත්‍රාත් ප්‍රධානයට සුදුසුකම් ලැබිමට සාර්ථක ලංසුකරුවන් අසාදුලේඛණගත නොවු අයෙක් වියයුතු අතර ඉහත වගුවේ සඳහන් ශ්‍රේණියේ මාර්ග ඉදිකිරිම් ක්ෂේත්‍රෙය් ඉදිකිරිම් සංවර්ධන අධිකාරියේ(CIDA) 11111ලියාපදිංචිව සිටිය යුතුය.

4.සියලුම ලංසුකරුවන්ට මාර්ගය පරීක්ෂාකර බලා ලංසු ඉදිරිපත් කිරිමට ආරාධනා කරන අතර 2025.05.02 දින සිට 2025.05.22 දින දක්වා සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව 9.00 යේ සිට ප.ව 3.00 දක්වා මාර්ගය පරික්ෂාකර බැලිය හැකිය.

5.අභිලාෂයන් දක්වන නිපුණතා පූර්ණ ලංසු කරුවන් විසින් වැඩිමනක් තොරතුරු හා ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කරන ලද සම්පුර්ණ ලංසු ලේඛන කට්ටලයක් 2025.05.02 දින සිට 2025.05.22 දින දක්වා සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව 9.00 යේ සිට ප.ව 3.00 දක්වා ඉහත සඳහන් පරිදි ගාස්තු ගෙවීමෙන් අරණායක ප්‍රාදේශිය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය.

6.ලංසු බැඳුම්කර වටිනාකම ලංසු ලේඛණයේ ඇතුලත්කර ඇති අතර සියලුම ලංසුකරුවන් මෙම කර්මාන්තය සඳහා ලංසු බැඳුම්කර වටිනාකමට අඳාළව ලංසු බැඳුම්කර ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුමත පිළිගත් වාණජ බැංකුවකින් ලබාගත් ලංසු බැඳුම්කරයක් 2025.05.02 දින සිට 2025.08.22 දක්වා වලංගු වන පරිදි ලේකම්,අරණායක ප්‍රාෙද්ශීය සභාව ප්‍රතිලාභියා ලෙස නම් කර ලබාගත් ලංසු බැඳුම්කරයක් මඟින් හෝ අඳාළ කර්මාන්තය නමින් ගෙවන ලද ලංසු සුරක්ෂණ මුදල ලෙස අරණායක ප්‍රාෙද්ශීය සභාවේ අඳාළ මුදල තැන්පත් කර ලබාගත් රිසිට්පත ලංසු ලේඛණය සමඟ ඉදිරිපත් කළ යුතුය. ලංසු ලේඛණ සමඟ බැදුම්කර ඉදිරිපත් කිරිමේ දී මුදල් ගෙවා ලබාගත් රිසිට්පතෙහි හෝ ලංසු සුරක්ෂණයේ මුල් පිටපත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය.

07.  මෙම කර්මාන්තය පිළිබඳ විස්තර අරණායක ප්‍රාෙද්ශීය සභාවට පිවිස හෝ දුරකථන අංක 035-2258075 ,035-2258876, වෙතින් කාර්යාල වේලාවන් තුළ දී ලබාගත හැකිය.අවශ්‍ය අයෙකුට නොමිලේ සතියේ වැඩ කරන දිනයන්හි දී ලංසු ලේඛණ පරීක්ෂාකර බැලිය හැකිය.  

08.මුද්‍රා තබන ලද ලංසු 2025.05.23වන දින පෙරවරු 11.00ට හෝ ඊට පෙර ලේකම්,ප්‍රාදේශීය සභාව අරණායක යන ලිපනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අරණායක ප්‍රාදේශීය සභාවේ තබා ඇති මුද්‍රා තබන ලද ටෙන්ඩර් පෙට්ටියට ගෙනවිත් බහාලිය හැකි වේ.ප්‍රමාදවී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.සම්පූර්ණ කරන ලද ලියවිලි මුල් පිටපත හා අනු පිටපත ලෙස වෙන් වෙන් වශයෙන් ලියුම් කවරවල බහා මුද්‍රා තබා නැවත එක් කවරයක බහා මුද්‍රා තබා කවරයේ වම් පස ඉහළ කෙළවරේ අදාල ව්‍යාපෘතියේ නම සදහන් කළ යුතුය.

9.2025.05.23 වන දින පෙරවරු 11.05 ට අරණායක ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ලංසු විවෘත කරනු ලැබේ.ලංසු විවෘත කරනු ලබන අවස්ථාවට ලංසුකරු හෝ බලයලත් නියෝජිතයෙකුට සහභාගී විය හැකිය.

10.ලංසුපත් සම්පූර්ණයෙන් හෝ භාගික වශයෙන් පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අරණායක ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුව සතු වේ.

11.සියළුම ලංසුපත් 2025.07.30 දක්වා වලංගුවිය යුතුය.

2025.04.30 දින                                                                       සභාපති,

                                                                                                   ප්‍රසම්පාදන කමිටුව,

                                                                                                   ප්‍රාදේශීය සභාව,

                                                                                                   අරණායක.

  • ලංසු ආරාධනය කිරීමේ දැන්වීමේ සඳහන් කොන්ත්‍රාත් ලියාපදිංච්ය (CIDA) C7/C8 යන්න වෙනුවට C8 හා ඊට ඉහල ලියාපදිංචිය ලෙස සංශෝධනය විය යුතුය.
  • 11 ජේදයේ සඳහන් ලංසුපත් වලංගු කාලය 2025.07.30 යන්න වෙනුවට 2025.09.18 දින ලෙස සංශෝධනය විය යුතුය.

සභාපති,

                                                                                                   ප්‍රසම්පාදන කමිටුව,

                                                                                                   ප්‍රාදේශීය සභාව,

                                                                                                   අරණායක.

2025.05.08 දින දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *