අබලි භාණ්ඩ වෙන්දේසි කිරීම – 2025

අරණායක ප්‍රාදේශීය සභාවට අයත් භාවිතා කරන ලද පහත සඳහන් භාණ්ඩ අරණායක ප්‍රාදේශීය සභාවේ උස්සාපිටිය මහජන පුස්තකාල භූමියේ දී 2025.03.25 දින පෙ.ව. 10.00 සිට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

එදින පෙ.ව. 8.30 සිට භාණ්ඩ පරීක්ෂාව සිදු කළ හැකිය. භාණ්ඩවල තත්වය පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසු භාණ්ඩ මිල දී ගත යුතු අතර පසුව කරනු ලබන ඉල්ලීම් පිළිබඳව සලකා බලනු නොලැබේ. ඔබ ගන්නා භාණ්ඩ එදින මුදල් ගෙවා ප.ව. 4.00ට පෙර පුස්තකාල භූමියෙන් ඉවත් කරගත යුතු අතර එම වේලාවෙන් පසු භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව විසින් වගකීම භාරගනු නොලැබේ. මිලදී ගන්නා ලද භාණ්ඩ කිසිදු හේතුවක් මත ආපසු භාරගනු නොලැබේ.

ලේකම්,
ප්‍රාදේශීය සභාව,
අරණායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *