Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව අරණායක ප්‍රාදේශීය සභාව විසින් 2025.01.31 දින සාමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා අරණායක පොලිසිය, අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන හා දිප්පිටිය රාජගිරිය මහා විද්‍යාලය, උස්සාපිටිය සුමංගල විද්‍යාලය හා උස්සාපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වල ද සහයෝගයෙන් ඉතා සාර්ථකව එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහයෝගය ලබාදුන් ඔබ සැමට අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි.

















