ක්‍රීඩා පිටි කුලියට දීම

1. හැඳින්වීම

පළාත් පාලන ආයතනය, එම බල ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යය පැවරී ඇති පොදු අධිකාරය වේ. මේ සුබසාධන කාර්යයේ එක් පියවරක් වශයෙන් ජනතාවගේ ශාරීරික සුවතාව රැක ගැනීම, තරුණයන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වැඩි දියුණු කිරීම සහ පොදු විනෝදය සැපයීම සඳහා ඒ පළාත් පාලන ආයතනය විසින් ක්‍රීඩා පිට්ටනි ඇති කිරීම කරනු ලබන අතර, ක්‍රීඩා පිට්ටනිය නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම හා එහි වැඩි දියුණු කිරීම් වෙනුවෙන් වන වියදම් ආවරණය කර ගැනීම සඳහා මේ ක්‍රීඩා පිට්ටනි විශේෂයෙන් භාවිත කරනු ලබන අවස්ථාවල දී කුලියට දීමේ පහසුකම සලස්වනු ලැබ ඇත.

2. නීතිමය අධිකාරය

        (අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 17 (3) සහ 19 (1) (xii).

3. සුදුසුකම්

        (අ)   පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාව, ඒ අයගෙන් සමන්විත වන ක්‍රීඩා සංගම් සහ බල ප්‍රදේශය තුළ පිහිටි පාසල්වල ක්‍රීඩා කිරීමේ අවස්ථා හෝ ක්‍රීඩා උත්සව පැවැත්වීමේ අවශ්‍යතාව ඇති වෙනත් තැනැත්තන්.

        (ආ)  බල ප්‍රදේශයේ ජනතාවගෙන් අය කරන ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවීමට යටත් ව, බල ප්‍රදේශයේ පිටත පදිංචි යම් තැනැත්තකු ද මෙම සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත.

4. ගාස්තුව

පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු ලබන ගාස්තුවක් සහ රජය විසින් කලින් කල නියම කරනු ලබන ඊට සරිලන බදු මුදලක් සහ ආපසු ගෙවනු ලැබිය හැකි ආරක්ෂිත ඇප තැන්පතුවක් ඒ පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ය.

5. ඉදිරිපත් කළ යුතු ලේඛන

ඉල්ලුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය. ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර එහි අවසානයේ ඇති උපදෙස් හොඳින් කියවා අවබෝධ කර ගැනීම සුදුසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *