අපගේ අපේක්ෂාවන්,
අප ආයතනය කෙරෙහි ඔබ තබා ඇති විශ්වාසය ගැන ඔබට ස්තූති කරන අතර, අපගේ සේවය සඳහා ඔබ විසින් කරනු ලබන ඉල්ලීම්, යුක්ති සහගත සාධාරණ සහ නියමිත කලට ඉදිරිපත් කිරීමෙන් ද, අංග සම්පූර්ණ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ද අපගෙන් අපේක්ෂා කළ හැකි සහ අපේක්ෂා කළ නොහැකි දේ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා තිබීම මගින් ද ඔබට අපට සහයෝගය පළකල හැකි බව දන්වනු කැමැත්තෙමු.
අපගේ ප්‍රමිතීන්,
- ඔබගෙන් ලැබෙන සෑම ලිඛිත ඉල්ලීමකටම ක්ෂණික ප්‍රතිචාර අපෙන් ලැබෙනු ඇත. අපේ ප්‍රතිචාරය දින 07 ක් ඇතුලත දි ඔබට ලැබෙනු ඇත.
- ඔබේ ඉල්ලීම සමඟ ඉල්ලා ඇති තොරතුරු, ලිඛිත ලියකියවිලි සහ ගාස්තු ඉදිරිපත් කර ඇත්තේ නම්, ඔබ ඉල්ලා ඇති සේවය අප විසින් දැනුම් දී ඇති කාල පරාසය තුළ ඔබට ලබා දීමට අපි බැඳී සිටින්නෙමු.
- අවසාන තීරණය ගැනීම ප්‍රමාද විය හැකි හෝ අනිවාර්යයෙන්ම ප්‍රමාද වන අවස්ථාවක දී හෝ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වු විටක එයට හේතුව අප විසින් ක්ෂණිකව දන්වනු ලැබේ.
පැමිණිලි හා සහන ලබාදීමේ ක්‍රමවේදය
අප ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් ආචාර සම්පන්නව, අවශ්‍ය උපකාරය හා සේවාවන් ඔබට ලබා දෙනු ලැබේ. ඉහත සඳහන් ප්‍රමිතීන් හා සම්බන්ධ ඔබට ඇති පැමිණිලි පහත සඳහන් නිලධාරීන් වෙත කරුණාකර පැමිණිලි කරන්න.

පී.ජී.යු.ජයවික්‍රම මයා
තනතුර :- ලේකම්
පිහිටි ස්ථානය :- ප්‍රධාන කාර්යාලය
දුරකථනය/ෆැක්ස්/ඊ- මේල්:-0715841902

ඉනෝකා චන්ද්‍රෙස්කර මිය
තනතුර :- ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
පිහිටි ස්ථානය :- ප්‍රධාන කාර්යාලය
දුරකථනය/ෆැක්ස්/ඊ- මේල් :- ¬0785680974
- සියළු පැමිණිලි ලද බව දින 03 ඇතුළත දන්වන අතර අවසාන පිළිතුර 07 ඇතුළත දන්වනු ලැබේ.
- සේවාලාභී මහජන ඔබෙන් ඉදිරිපත් වන යෝජනා අපි සතුටින් භාර ගනිමු.
- අ. අපගේ සේවාවන් ලබන ඔබ හෝ ඔබේ නියෝජිතයින් සමඟ අප අඛණ්ඩව රැස්වීම් පවත්වනු ලැබේ. ඔබ අප සමඟ සම්බන්ධ වීමට අපේක්ෂා කරන්නේ නම් කරුණාකර 035-2258075 හෝ 035-2258876 දුරකථන අංකයන් අමතන්න.
- ආ. මෙම ප්‍රඥප්තියට ඇතුළත් කර ඇති කරුණු පිළිබඳ ඔබේ උපදෙස් ලබා ගැනීමට හෝ ඔබේ අදහස් ලබාදීමට ඔබ දක්වන කැමැත්ත ඇතුළත් කර ඔබගේ විස්තර අපගේ https://aranayake.ps.gov.lk/ වෙබ් අඩවියට ඇතුළත් කරන්න.
පුරවැසි ප්‍රඥප්තිය, අප විසින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඔබත් අපත් එක්ව දරණ ඒකාබද්ධ ප්‍රයත්නයකි. ලබාදෙන සේවය තවත් වැඩි දියුණු කිරීමට පහත දක්වා ඇති සබැඳි ඔස්සේ විස්තර ලබා දීමෙන් අපට උපකාරි වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
ආයතනයේ දුරකථන අංක
035-2258075 / 035-2258876
ආයතනයේ තැපැල් ලිපිනය
ප්‍රාදේශීය සභාව, අරණායක
ආයතනයේ විද්‍යුත් තැපෑල
aranayakeps@gmail.com
