෴ගිණුම් අංශයේ ඉලක්කය෴
ප්‍රාදේශීය සභා අයවැය ප්‍රතිපාදන සිමාව තුළ මුදල් හා සම්පත් පරිභෝජනය කරමින් නියමිත දිනට මාසික ගිණුම් වාර්තා, බැංකු සැසඳුම් වාර්තා, සකස් කිරීම හා ගිණුම් කටයුතු සඳහා අවශ්‍ය ලේඛන යාවත්කාලීන කරමින් නියමිත වේලාවට අවසන් වු වර්ෂය සඳහා මුල්‍ය ප්‍රකාශන සකස්කර ඉදිරිපත් කිරිම.
ගිණුම් අංශයේ අරමුණු,
- අයවැය ලේඛනය සකස්කර නියමිත දිනට පෙර නිම කිරීම.
- ගිණුම් වාර්තා සෑම මසකම 15 වෙනි දිනට පෙර සකස් කර ඉදිරිපත් කිරීම.
- පසුගිය වර්ෂය සඳහා පිළියෙල කරන, වර්ෂ අවසාන ගිණුම් සකස්කර මාර්තු 31 දිනට පෙර ඉදිරිපත් කිරීම.
- දෛනිකව සකස් කළ යුතු වාර්තා දෛනිකව සකස් කිරීම.
- මාසික වැය ලේඛන, පොදු ලෙජරය අත්තිකාරම් ලේඛනය, ආදායම් ලේඛන, තැම්පත් ලේඛන, වැටුප් ලේඛන, සේවක ණය ලේඛනය, මුදල් පොත තුලනය කිරීම.
- සකස් කරන ලද අභ්‍යන්තර විගණන සැලස්මට අනුව අභ්‍යන්තර විගණන කටයුතු සිදු කරමින් දෝෂ අවම කර ගැනීමට කටයුතු කිරීම.
- මාසික වාර්ෂික විමර්ශන වාර්තා සකස් කිරිම.
ගිණුම් අංශයේ කාර්යයන්,
- අයවැය ලේඛන සකස් කිරීම.
- දෛනික , මාසික , වාර්ෂික වාර්ථා සකස් කිරීම.
- වැටුප් සැකසීම.
- ගිණුම් ලේඛන පවත්වාගෙන යාම.
- අවසන් ගිණුම් සකස් කර විගණනයට ඉදිරිපත් කිරිම
- ගබඩාව නිසි කළමණාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යාම.
- ආයතනයේ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම.
- ආයතනයේ සියලු චෙක්පත් නිකුත් කිරීම.
- ආයතනයේ සියලුම ප්‍රසම්පාදන කටයුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව සිදු කිරීම.
- වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු නියමිත කාලසීමාව තුල ඉටු කිරීම.
- ආයතනයේ නිලධාරීන්ට අවශ්‍ය ණය පහසුකම් සැපයීම.
අපේ වටිනාකම්
| ගුණාංගය | විස්තරය |
|---|---|
| අවංකභාවය | අරණායක ප්‍රාදේශීය සභාවේ ගිණුම් අංශයේ නිලධාරීන්ගේ අවංකභාවය සෘජු මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීම. |
| විනිවිධභාවය | සියළුම ගිණුම් කටයුතු වලදි සත්‍යවාදී ලෙස සාධාරණ ලෙස විවෘත විනිවිධභාවයෙන් යුතුව කාර්යක්ෂමව කටයුතු කිරීම. |
| කැපවීම | ප්‍රාදේශීය සභාවේ ගිණුම් අංශයේ රාජකාරී කටයුතු වලදී මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය, චක්‍ර ලේඛ අණපනත්, ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීමට වගකීමෙන් බැදීම. |
| වගකීම | අරණායක ප්‍රාදේශීය සභාවේ ගිණුම් අංශයේ නිලධාරීන් තමන්ගේ සියළුම කටයුතු පිළිබද වගවීම, එම කටයුතු වල වගකීමට බැදීම තමන් කරන කටයුතුවල ප්‍රථිඵල විනිවිධ පෙනෙන ලෙස ප්‍රකාශයට පත් කිරීම. |
| අපක්ෂපාතීත්වය | අරණායක ප්‍රාදේශීය සභාවේ ගිණුම් අංශයේ නිලධාරීන් එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායම් හා බැදී නොසිටීම හා එවැනි බලපෑම්වලට ගොදුරු නොවීම, පාර්ෂවයක් නොගැනීම, ප්‍රතිපත්ති පවත්වාගෙන යාම. |
