මල අපද්‍රව්‍ය ඉවත්කිරීමේ සේවාව

1.     හැඳින්වීම

        බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රරෝහණය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ කාර්ය සඳහා වූ පොදු පරිපාලන අධිකාරය පළාත් පාලන ආයතනය වේ. බල ප්‍රදේශයේ වැසිකිළිවල පවතින මල අපද්‍රව්‍ය ඉවත් කිරීම ද මේ කාර්යයේ එක් අංගයක් වන අතර එය ජනතාවගේ පහසුව සැලසීමට ද අදාළ කාර්යයකි.

2.     නීතිමය අධිකාරය

        (අ)  1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 78 වන වගන්තිය සමග කියවිය යුතු 93 වන වගන්තිය.

3.     සුදුසුකම්

        වැසිකිළි වලක් හිස් කර ගැනීමට අවශ්‍යතාව ඇති කවර හෝ තැනැත්තකු මෙම සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත. සේවා අවශ්‍යතාව ඇති තැනැත්තා බල ප්‍රදේශයෙන් පිටත පදිංචිකරුවකු වන විට සාමාන්‍ය ගාස්තුවට අතිරේක ගාස්තුවක් ගෙවිය යුතු ය.

4.     ගාස්තුව

        පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු ලබන ගාස්තුවක්, රජය විසින් කලින් කල නියම කරනු ලබන ආකාරයේ බදු මුදල් සහ ආපසු ගෙවනු ලැබිය හැකි ආරක්ෂිත තැන්පත් මුදලක් ගෙවිය යුතු ය. (බල ප්‍රදේශයෙන් පිටත ස්ථානයකට සපයනු ලබන සේවාව වෙනුවෙන් සාමාන්‍ය ගාස්තුවට අතිරේක මුදලක් ගෙවිය යුතු ය)

5.     ඉදිරිපත් කළ යුතු ලේඛන

        මෙහි ඇමුණුමෙහි දැක්වෙන ඉල්ලුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය.

        සටහන: සභාවේ වෙබ් අඩවිය ඔස්සේ හෝ පෙරටු කාර්යාලයට පැමිණ ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම හා භාර දීම කළ හැකි ය.

6.     කාර්ය පටිපාටිය.
පටිපාටියකාල සීමාවඅධිකාරය
සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයට පැමිණ පොරොත්තු ලේඛනය අනුව සේවාව ලබා ගැනීමට ඉඩකඩ ඇති දිනය හඳුනා ගෙන, එම දිනයට අදාළ වන පරිදි ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර පෙරටු කාර්යාලයට යොමු කිරීම ඉල්ලුම්කරු
ඉල්ලුම් පත්‍රය භාර ගෙන සභාව විසින් නියම කළ ගාස්තු පරිමාණයට අනුව සේවා ගාස්තුව සහ ආරක්ෂිත තැන්පත් මුදල තැන්පත් ගිණුමට අය කර ලදුපතක් නිකුත් කිරීම පෙරටු කාර්යාල නිලධාරි
ඉල්ලුම්කරුට පසු විපරම් අංකයක් නිකුත් කර ගලි බවුසර් රියදුරාට අදාළ නියෝගය නිකුත් කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
වෙන් කළ දිනයේ දී අදාළ ස්ථානයට ගොස් වැසිකිළි වල බවුසරයට හිස් කර ගෙන සේවාව නිම කළ බවට ඉල්ලුම්කරුගෙන් තහවුරු කර ගැනීමසේවාව සැපයීමට එකඟ වූ දිනගලි බවුසරයේ රියදුරු
රැස් කර ගත් මල අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයට බැහැර කිරීමසේවාව සැපයූ දිනගලි බවුසරයේ රියදුරු
කාර්ය ඉටු කිරීම පිළිබඳ වාර්තාව සම්පූර්ණ කර පෙරටු කාර්යාලය මගින් විෂය භාර නිලධාරිට භාර දීමසේවාව සැපයූ දින ම හෝ ඊට පසු දිනගලි බවුසරයේ රියදුරු
සේවාවට අදාළ ගාස්තු ආදායම් ශීර්ෂවලට බැර කර ආපසු ගෙවිය හැකි මුදල් තිබේ නම් ඒ බව ඉල්ලුම්කරුට දන්වා ඒ ගෙවීම් කිරීමරියදුරාගේ වාර්තාව ලැබුණු වහාමවිෂය භාර නිලධාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *